පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

දැනුවත් කිරීමේ වැඩසටහන්

පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය

  • අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයෙන් පාසල් දූ දරුවන් වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාකාරි සැලැස්මට අනුව එක් කාර්යාලයක් විසින් මසකට පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් 02ක් සිදුකල යුතු බවට මෙම ශාඛාව වෙතින් උපදෙස් ලබාදී ඇත.
  • ඒ අනුව පුආසසුකසම් කාර්යාල විසින් තම බලප්‍රදේශය ආවරණය වන පරිදි  පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන අයුරින් විදුහල්පතිතුමා ගෙන් අවසර ලබාගත් දිනයේදී සිදු කරනු ලබයි. ( මෙම වැඩසටහන් පැවැත්වීමට සඳහා අදාල පාසලෙහි විදුහල්පතිතුමා විසින් පළාත් අධ්‍යාපන කාර්යාලය වෙතින් අවසර ලබා ගැනීමක් සිදු කරනු ලබයි) තවද මෙම වැඩ සටහන සඳහා සහභාගි වනු ලබන සිසුන් වෙනුවෙන් කෙටි සංග්‍රහයක් ද සිදු කරනු ලබයි.
  • එම පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය අධ්‍යාපන සහකාර වරුන්ගෙන් හා අදාල ප්‍රදේශයට අයත් රෝහලෙහි  මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ සම්පත්දායකත්වය ලබාගනු ලබයි.

එහි අරමුණු :

  • යහපත් ආකල්ප කුසලතා වර්ධනය කිරීම.
  • සෘජුවම අයහපත් ක්‍රියාවන්/ සිතැඟින් ප්‍රතික්ෂේප කිරීමේ කුසලතාවය වර්ධනය කිරීම.
  • අවස්ථානුකූලව දුර දක්නා නුවණ යොදා ගැනීම.
  • විෂයගත මාතෘකාව පිළිබඳ දරුවන්ගේ දුර්මත මර්ධනය කිරීම දරුවන්ගේ මතය පිළිබඳව විමසා බැලීම.
  • මත්ද්‍රව්‍ය භාවිතය තුලින් සිදුවන ප්‍රතිවිපාක ඉස්මතු කර පෙන්වීම.
  • දරුවන් තුලින් පවුල තුලට මත්ද්‍රව්‍ය නිවාරණය පණිවිඩය රැගෙන යාම.
  • මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිනිස් සිරුරට වන විද්‍යාත්මක වශයෙන් සිදුවන කායික මානසික බලපෑම.
  • වෙළඳ ප්‍රචාරණයන්ට නොරැවටි මත්ද්‍රව්‍ය පිළිබඳ සැබෑ තත්වය දරුවන්ට වටහාදීම.

රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය

 

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකි සිටීම/ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම හා මත්ද්‍රව්‍ය නිවාරණය පදනම් කර ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රජාව අතර පැතිරියාමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරනු ලබයි. මෙහිදි මෙම වැඩසටහන් සංවිධානය කිරීමේදි එක් එක් රාජ්‍ය ආයතනයන්හි ආයතන ප්‍රධානින් වෙතින් ලිඛිත ඉල්ලිමක් සිදුකර දිනයක් වේලාවක් වෙන්කොට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සම්පත් දායකත්වය ඇතිව වැඩසටහන් දියත් කරනු ලබයි.

 

එහි අරමුණු :

 

  • මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනලාභීන් අතර තවදුරටත් පැතිරියාම අවම කිරීම.
  • පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිඳව ප්‍රජාව දැනුවත් කිරීම.
  • ඇබ්බැහිවූවන් යළි ප්‍රකෘති තත්වයට පත්කර ගැනීම සඳහා සිදුකල හැකි උපදේශන/ ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීම.
  • මතින් නිදහස් තාරුණ්‍යයක් බිහිකර ගැනීම.
  • මත්ද්‍රව්‍ය භාවිතයේ අනතුරුදායක තත්වය පිළිබඳ පුනරුත්ථාපනලාභින් හා ප්‍රජාව දැනුවත් කිරීම සඳහා අවබෝධය ලබාදිම.
  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් කායික, මානසික, සාමාජීය හා ආර්ථික වශයෙන් සිදුවන බලපෑම පිළිබඳව දැනුවත් කිරීම.
  • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය හා විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා
  • රාජ්‍ය ආයතන බහුතරයක් ප්‍රජාව සමඟ නිරන්තර සබදතාවය ගොඩනගා ගනිමින් කටයුතු කරන බැවින් පූර්ව දැනුවත් කිරීම් සිදු කිරිම වැදගත් වීම.
  • මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පූර්ව ප්‍රචාරණයක් මෙවැනි රාජ්‍ය නිලධාරින් තුලින් සිදු වීම.
  • ග්‍රාම නිලධාරි, ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහය ඇතිව පුළුල් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සංවිධානය කරගත හැකි වීම.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රාජ්‍ය නිලධාරීන් ඉහල මූලස්ථානවල පුනරුත්ථාපනලාභින් වෙනුවෙන් දියත් කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව පුළුල් අවබෝධයක් ආයතන අතර පවත්වා ගැනීම.

ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය

මත්ද්‍රව්‍ය යනු සමස්ථ ප්‍රජාවටම බලපෑම් කරනු ලබන බීජයක් බැවින් එම බීජ කාරකය සමස්ථ ප්‍රජාව අතර පැතිරීම අවම කිරීම වැලැක්වීම උදෙසා ග්‍රාම නිලධාරින්, ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහ සම්බන්ධතාවය මත ග්‍රාමීය මට්ටමේ සිට නගර බද ප්‍රජාව දක්වා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනු ලබයි. ඒ අනුව එක් එක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ග්‍රාම නිලධාරීන්/ ක්ෂේත්‍ර නිලධාරින් මේ පිළිබඳව දැනුවත් කිරීම මූලික අදියර වශයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් යටතේ සිදු කරනු ලබන අතර, ඉන් අනතුරුව ඔවුන් විසින් වැඩසටහන් පැවැත්වීමට අත්‍යාවශ්‍ය ප්‍රදේශ හදුනාගෙන ප්‍රජාව රැස්කර වැඩසටහන් සංවිධානය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙනු ලබයි.

එහි අරමුණු :

  • මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනලාභීන් අතර තවදුරටත් පැතිරියාම අවම කිරීම.
  • පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිඳව ප්‍රජාව දැනුවත් කිරීම.
  • පුනරුත්ථාපන ක්‍රියාවලිය පහදා දීම හා පුනරුත්ථාපනයට ඇතුලත් කර ගන්නා ආකාරය දැනුවත් කිරීම.
  • පුනරුත්ථාපනය වි සමාජගතවූවන් රැකබලා ගැනීම හා ඔවුන් නැවත නිවැරදිව සමාජානුයෝජනය  කරන අයුරු අවබෝධ කර දීම.
  • වෙළඳ ප්‍රචාරණයන්ට ගොදුරු වීම අවම කර ගැනීම.
  • පවුල් සංස්ථාව පවුලේ අභිවෘද්ධිය පිළිබඳ අවර්ජනය කිරීම.
  • මත්ද්‍රව්‍යයේ අදීනව මත්ද්‍රව්‍ය නිසා සිදුවන ආර්ථික, සමාජිය, කායික ව්‍යසනය පෙන්වා දීම.
  • මත්ද්‍රව්‍යයක් භාවිතා කළ මුල් අවස්ථාවේදිම ඉන් මිදිමට අවැසි නිවැරදි ක්‍රමවේද පහදා දීම.
  • බිඳුනු පවුල් සඳහා උපදේශන ඇතුළු විෂයානුබද්ධ ආයතන වෙත යොමු කිරීම.

පුද්ගල හා පවුල් උපදේශන වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය

මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැරදිකරුවෙකු වි පුනරුත්ථාපනය විමෙන් පසු සමාජගතවූවන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන්ගේ පුද්ගලික වශයෙන් හෝ පවුල් සංස්ථාව තුල හටගත් ගැටලුකාරි තත්වයන් අවම කර ගැනීම/ වළක්වා ගැනිම උදෙසා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම උපදේශන කටයුතු පුආසසුකසම් කාර්යාලයන් සඳහා අනුයුක්ත කර සිටින උපදේශක නිලධාරින් විසින් සිදු කරනු ලබන අතර එසේ නොමැති කාර්යාලයන්හි උපදේශන වැඩ සටහන් සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක/ උපදේශිකාවන් මෙන්ම අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් උපදේශක නිලධාරින්ගේ සහය ලබාගනු ලබයි.

එහි අරමුණු :

  • කායික හා මානසික සෞඛ්‍ය ගැටළු නිරාකරණයට මග පෙන්වීම.
  • බිඳුනු පවුල් සංස්ථාවන් සඳහා උපදේශනය හා අවබෝධය තුලින් ගැටළු නිරාකරණයට සහය වීම.
  • සමාජ විරෝධි ක්‍රියාවන්ගෙන් මිදිමට උපකාර කිරීම.
  • පුද්ගල ජීවන තත්වය නගා සිටුවා ගැනිමට සහය ලබාදිම.
  • පුද්ගල කුසලතාවයන් ඔප් නංවා ගැනිමට සහය වීම.
  • යමෙක් හට සමාජය තුල පිලිගැනීමක් ඇති කිරීම හා යහපත් වැඩදායි පුරවැසියෙකු ලෙස සමාජානුයෝජනය කිරීමට වපසරිය සැකසීම.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය

පළමු වර අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති අයවළුන් හා පුනරුත්ථාපනයෙන් පසු නැවත මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදි අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය අධ්‍යාපන සහකාර වරුන්ගේ සහය මෙන්ම හැකියාව මත මත්ද්‍රව්‍ය භාවිතා කර යහපත් ලෙස සමාජගතව සිටින පුනරුත්ථාපනලාභින්ගේ සම්පත්දායකත්ව සහය ලබා ගන්නා අවස්ථා ඇත.

එහි අරමුණු :

  • නැවත සමාජ විරෝධි ජාවාරම් වලට හසුවීම වැළැක්වීම.
  • පවුල් සංස්ථාවන් ගොඩ නැගීම.
  • දූදරුවන් ආරක්ෂආරක්ෂා කර ගැනීම හා ආර්ථිකය ආරක්ෂා කර ගැනීම.
  • පුනරුත්ථාපනයට යොමු කිරීම ඇතුළු වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට යොමු කිරීම.
  • අර්ථ ආවර්ජනය කිරීම හා නීතිමය රාමුව පැහැදිලි කරදීම.

මෙම වැඩසටහන් පුනරුත්ථාපනයවූවන්ගේ ආර්ථික සමාජීයීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාල මඟින් සිදු කරනු ලබන අතර, එය දේශන සහය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරක අධ්‍යාපන සහ පුහුණු අංශයේ නිලධාරි සම්පත් දායකත්වයන් ලෙස යොදාගනු ලබයි.