පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
Slide 1
සාදරයෙන් පිළිගනිමු
පුනරුත්ථාපන කාර්යාංශය
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
previous arrow
next arrow
Slide 1
සාදරයෙන් පිළිගනිමු
පුනරුත්ථාපන කාර්යාංශය
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
previous arrow
next arrow

පුනරුත්ථාපන කාර්යාංශය පිළිබඳව

හැඳින්වීම

අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වු තැනැත්තන් බවට පත්ව ඇති පුද්ගලයන් සහ වෙනත් යම් නීතියක්  ප්‍රකාරව හඳුනාගනු ලැබිය හැකි වෙනත් යම් තැනැත්තන් පුනරුත්ථාපනය  කිරිම විධිමත් කිරිමේ අවශ්‍යතාව සහ වැදගත්කම සැලකිල්ලට ගෙන එය බරපතළ ගැටලුවක් සහ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති හෙයින් එවැනි පුද්ගලයින් පුනරුත්ථාපනය කොට යහමඟට ගැනිමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරමින් එම කාර්ය ඉටු කිරිම සඳහා 2023 අංක 2 දරන පනත යටතේ ‘පුනරුත්ථාපන කාර්යාංශය’ යනුවෙන් සංස්ථාපිත මණ්ඩලයක් ස්ථාපනය කර ඇත. මෙම කාර්යාංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ලබයි.

සේවාවන්

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය

මෙම වැඩසටහන මගින් පුනරුත්ථාපනලාභීන්ට මාස 06 ක කාලසීමාවකදී මානසික, සමාජීය, වෘත්තීය සහ හැකියාව වැඩි කිරීමේ ක්‍රියාමාර්ග සංවිධානගතව ලබා දීමෙන්, ඔවුන්ව සමාජයට ආරක්ෂිතව, ගෞරවාන්විතව හා දැනුමෙන් සපිරුණු අවශ්‍ය මානව සම්පත් ලෙස සමාජගත කිරීමට හැකි වේ.

ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය ඉල්ලා සිටින්නන් සඳහා පුනරුත්ථාපනය

2023 අංක 02 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනතේ 4(අ) වගන්තියට අනුව, ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය ඉල්ලා සිටි පළමු කණ්ඩායම සඳහා මාස 03ක පුනරුත්ථාපන වැඩසටහන 2025 ඔක්තෝම්බර් 16 වන දින සේනපුර නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරනු ලැබීය.

පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාව

අධිකරණ නියෝග මගින් පුනරුත්ථාපනයට යොමු වන මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූ පුද්ගලයන් පිළිබඳ පූර්ව තොරතුරු රැස් කිරීමත්, ප්‍රතිකාර හා පුනරුත්ථාපනයෙන් පසු සමාජයට ප්‍රතිසංකලනය වූ තැනැත්තන්ගේ සමාලෝචනය, අධීක්ෂණය සහ අවශ්‍ය සහාය සැපයීමත් මෙම ශාඛාවේ මූලික කාර්යභාරය වේ.

නොමගගිය සටන් කරුවන්

අදාළ නීතිමය රාමුව යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්ගේ මෙහෙයුම සහ ත්‍රිවිධ හමුදා සහයෝගය සමග ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවට ආවේණික මානවීය පුනරුත්ථාපන ක්‍රියාවලිය මගින් නොමග ගිය සටන්කරුවන් 12196 දෙනා සාර්ථකව පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජයට ප්‍රතිසංකලනය කිරීම සාර්ථක කරනු ලැබීය.

දැනුවත් කිරීමේ වැඩසටහන්

මත්ද්‍රව්‍ය නිවාරණය සහ අන්තරායකර ඖෂධ භාවිතයේ අනිසි විපාක පිලිබඳ රාජ්‍ය නිළධාරින්, පාසල් සිසුන්, ප්‍රජාව දැනවුත් කිරිමේ වැඩසටහන් පැවැත්විම.

ගරු ආනන්ද විජේපාල මන්ත්‍රීතුමා

ගරු ආනන්ද විජේපාල මන්ත්‍රීතුමා

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
ගරු සුනිල් වටගල, නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී

ගරු සුනිල් වටගල, නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ඩී.ඩබ්ලිව්.ආර්.ඩී. සෙනෙවිරත්න මහතා

ඩී.ඩබ්ලිව්.ආර්.ඩී. සෙනෙවිරත්න මහතා

ලේකම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
මහාචාර්ය ඒ.ඩබ්ලිව්.කේ. වසන්තා  සුබසිංහ

මහාචාර්ය ඒ.ඩබ්ලිව්.කේ. වසන්තා සුබසිංහ

සභාපති පුනරුත්ථාපන කාර්යාංශය
බ්‍රිගේඩියර් එම්.එස්. අමිත්

බ්‍රිගේඩියර් එම්.එස්. අමිත්

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්

සමාජ, ආර්ථික ප‍්‍රමිතීන් සකස් කිරීම මාර්ගයෙන්, සඵලදායී ප‍්‍රතිසංකලනය සහ ප‍්‍රතිසන්ධානය සහතික කිරීම පිණිස ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් හෝ ප‍්‍රතිකාර සහ විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම යොදා ගැනීම ඇතුළත් විය හැකි පුනරුත්ථාපනය අවශ්‍ය තැනැත්තකු ලෙස නීතියෙන් හඳුනාගනු ලැබිය හැකි වෙනත් යම් තැනැත්තකු පුනරුත්ථාපනය කිරීම මෙහි පරමාර්ථ වේ.

සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියකින් පසුව සමාජගත වන පුනරුත්ථාපනලාභින්ගේ ජීවන තත්වය හා ආර්ථික තත්වය ඉහළ නැංවිමට අවශ්‍ය මඟපෙන්විම හා සුභසාධන කටයුතු සැලසීම මෙන්ම ඔවුන් පිළිබඳ පසුරැකවරණ සිදු කිරීම අරමුණ කර ගනිමින් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාල පහළොවක් (15) මෙම කාර්යාංශය යටතේ ස්ථාපිත කොට ඇත.

නවතම පුවත්

    වෙසක් පුර පසළොස්වක පොය දින සැමරුම් 2026

    වෙසක් පුර පසළොස්වක පොය දින සැමරුම් 2026 2026 වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය නිමිති කරගෙන පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත් මහතාගේ උපදෙස් පරිදි...

    පුනරුත්ථාපන කාර්යාංශ නිවාරණය හා පුනරුත්ථාපනය සඳහා වන බුද්ධි මණ්ඩලය (Think TankFor Prevention & Rehabilitation) පිහිටුවීම

    පුනරුත්ථාපන කාර්යාංශ නිවාරණය හා පුනරුත්ථාපනය සඳහා වන බුද්ධි මණ්ඩලය (Think Tank For Prevention & Rehabilitation) පිහිටුවීම පුනරුත්ථාපන කාර්යාංශය මගින් දැනට සිදු කරනු ලබන  පුනරුත්ථාපන ක්‍රියාවලි තව...

    අප අමතන්න