පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

දැනුවත් කිරීමේ වැඩසටහන්

වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක වීම

මත්ද්‍රව්‍ය නිවාරණ සැලැස්මට අනුව, පාසල් දූ දරුවන් දැනුවත් කිරීම සඳහා සෑම දිස්ත්‍රික් කාර්යාලයක් විසින්ම මසකට අවම වශයෙන් වැඩසටහන් 02 බැගින් පවත්වනු ලැබේ.

  • අවසර ලබාගැනීම: පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි, විදුහල්පතිතුමාගේ එකඟතාවය මත සහ පළාත් අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අනුමැතිය ඇතිව මෙම වැඩසටහන් සංවිධානය කෙරේ.
  • සම්පත්දායකත්වය: වැඩසටහන් වඩාත් සාර්ථක කරගැනීම සඳහා පහත ආයතනවල විශේෂඥ සහය ලබාගනු ලැබේ:
    • අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය අධ්‍යාපන සහකාරවරුන්.
    • ප්‍රාදේශීය රෝහල්වල මානසික සෞඛ්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්.
  • සත්කාරකත්වය: වැඩසටහනට සහභාගි වන සිසුන් වෙනුවෙන් කෙටි සංග්‍රහයක් ද පවත්වනු ලැබේ.

🎯 වැඩසටහනේ ප්‍රධාන අරමුණු

අපගේ මූලික ඉලක්කය වන්නේ දරුවන් තුළ කායික හා මානසික ශක්තිය වර්ධනය කිරීමයි:

  • කුසලතා වර්ධනය: සිසුන් තුළ යහපත් ආකල්ප සහ ජීවන කුසලතා වර්ධනය කිරීම.
  • ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව: අයහපත් ක්‍රියාවන් සහ පෙළඹවීම් සෘජුවම ප්‍රතික්ෂේප කිරීමේ මානසික ශක්තිය දරුවා තුළ ගොඩනැගීම.
  • දුරදක්නා නුවණ: ඕනෑම අවස්ථාවක බුද්ධිමත්ව තීරණ ගැනීමට දරුවන් හුරු කිරීම.
  • දුර්මත මර්ධනය: මත්ද්‍රව්‍ය පිළිබඳ දරුවන් තුළ පවතින මිත්‍යා මත ඉවත් කර සැබෑ තත්ත්වය විද්‍යාත්මකව වටහා දීම.
  • විද්‍යාත්මක අවබෝධය: මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිනිස් සිරුරට සහ මනසට සිදුවන විද්‍යාත්මක බලපෑම අවධාරණය කිරීම.
  • පවුල දැනුවත් කිරීම: දරුවා හරහා පවුල වෙත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩය රැගෙන යාම.
  • ප්‍රචාරණයට නොරැවටීම: විවිධ වෙළඳ ප්‍රචාරණයන් හරහා මත්ද්‍රව්‍ය පිළිබඳ මවා ඇති ආකර්ශනීය ව්‍යාජ ප්‍රතිරූපයන්ට නොරැවටීමට දරුවන් දැනුවත් කිරීම.

රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකි සිටීම/ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම හා මත්ද්‍රව්‍ය නිවාරණය පදනම් කර ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රජාව අතර පැතිරියාමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරනු ලබයි. මෙහිදි මෙම වැඩසටහන් සංවිධානය කිරීමේදි එක් එක් රාජ්‍ය ආයතනයන්හි ආයතන ප්‍රධානින් වෙතින් ලිඛිත ඉල්ලිමක් සිදුකර දිනයක් වේලාවක් වෙන්කොට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සම්පත් දායකත්වය ඇතිව වැඩසටහන් දියත් කරනු ලබයි.

එහි අරමුණු :

  • මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනලාභීන් අතර තවදුරටත් පැතිරියාම අවම කිරීම.
  • පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිඳව ප්‍රජාව දැනුවත් කිරීම.
  • ඇබ්බැහිවූවන් යළි ප්‍රකෘති තත්වයට පත්කර ගැනීම සඳහා සිදුකල හැකි උපදේශන/ ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීම.
  • මතින් නිදහස් තාරුණ්‍යයක් බිහිකර ගැනීම.
  • මත්ද්‍රව්‍ය භාවිතයේ අනතුරුදායක තත්වය පිළිබඳ පුනරුත්ථාපනලාභින් හා ප්‍රජාව දැනුවත් කිරීම සඳහා අවබෝධය ලබාදිම.
  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් කායික, මානසික, සාමාජීය හා ආර්ථික වශයෙන් සිදුවන බලපෑම පිළිබඳව දැනුවත් කිරීම.
  • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය හා විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා
  • රාජ්‍ය ආයතන බහුතරයක් ප්‍රජාව සමඟ නිරන්තර සබදතාවය ගොඩනගා ගනිමින් කටයුතු කරන බැවින් පූර්ව දැනුවත් කිරීම් සිදු කිරිම වැදගත් වීම.
  • මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පූර්ව ප්‍රචාරණයක් මෙවැනි රාජ්‍ය නිලධාරින් තුලින් සිදු වීම.
  • ග්‍රාම නිලධාරි, ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහය ඇතිව පුළුල් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සංවිධානය කරගත හැකි වීම.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රාජ්‍ය නිලධාරීන් ඉහල මූලස්ථානවල පුනරුත්ථාපනලාභින් වෙනුවෙන් දියත් කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව පුළුල් අවබෝධයක් ආයතන අතර පවත්වා ගැනීම.

ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය

මත්ද්‍රව්‍ය යනු සමස්ථ ප්‍රජාවටම බලපෑම් කරනු ලබන බීජයක් බැවින් එම බීජ කාරකය සමස්ථ ප්‍රජාව අතර පැතිරීම අවම කිරීම වැලැක්වීම උදෙසා ග්‍රාම නිලධාරින්, ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහ සම්බන්ධතාවය මත ග්‍රාමීය මට්ටමේ සිට නගර බද ප්‍රජාව දක්වා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනු ලබයි. ඒ අනුව එක් එක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ග්‍රාම නිලධාරීන්/ ක්ෂේත්‍ර නිලධාරින් මේ පිළිබඳව දැනුවත් කිරීම මූලික අදියර වශයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් යටතේ සිදු කරනු ලබන අතර, ඉන් අනතුරුව ඔවුන් විසින් වැඩසටහන් පැවැත්වීමට අත්‍යාවශ්‍ය ප්‍රදේශ හදුනාගෙන ප්‍රජාව රැස්කර වැඩසටහන් සංවිධානය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙනු ලබයි.

එහි අරමුණු :

  • මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනලාභීන් අතර තවදුරටත් පැතිරියාම අවම කිරීම.
  • පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිඳව ප්‍රජාව දැනුවත් කිරීම.
  • පුනරුත්ථාපන ක්‍රියාවලිය පහදා දීම හා පුනරුත්ථාපනයට ඇතුලත් කර ගන්නා ආකාරය දැනුවත් කිරීම.
  • පුනරුත්ථාපනය වි සමාජගතවූවන් රැකබලා ගැනීම හා ඔවුන් නැවත නිවැරදිව සමාජානුයෝජනය  කරන අයුරු අවබෝධ කර දීම.
  • වෙළඳ ප්‍රචාරණයන්ට ගොදුරු වීම අවම කර ගැනීම.
  • පවුල් සංස්ථාව පවුලේ අභිවෘද්ධිය පිළිබඳ අවර්ජනය කිරීම.
  • මත්ද්‍රව්‍යයේ අදීනව මත්ද්‍රව්‍ය නිසා සිදුවන ආර්ථික, සමාජිය, කායික ව්‍යසනය පෙන්වා දීම.
  • මත්ද්‍රව්‍යයක් භාවිතා කළ මුල් අවස්ථාවේදිම ඉන් මිදිමට අවැසි නිවැරදි ක්‍රමවේද පහදා දීම.
  • බිඳුනු පවුල් සඳහා උපදේශන ඇතුළු විෂයානුබද්ධ ආයතන වෙත යොමු කිරීම.

පුද්ගල හා පවුල් උපදේශන වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පුනරුත්ථාපනයට යොමු වී සමාජගතවූවන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන්ගෙන් පුද්ගලික වශයෙන් හෝ පවුල් සංස්ථාව තුල හටගත් ගැටලුකාරි තත්ව අවම කර ගැනීම/ වළක්වා ගැනිම උදෙසා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම උපදේශන කටයුතු දිස්ත්‍රක් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයන් සඳහා අනුයුක්ත කර සිටින උපදේශක නිලධාරින් විසින් සිදු කරනු ලබන අතර එසේ නොමැති කාර්යාලයන්හි උපදේශන වැඩ සටහන් සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක/ උපදේශිකාවන් මෙන්ම අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් උපදේශක නිලධාරින්ගේ සහය ලබාගනු ලබයි. තවද මෙම වැඩසටහන් සංවිධානය කිරීමේ අරමුණු පහත සදහන් පරිදි දැක්විය හැක.

එහි අරමුණු :

  • කායික හා මානසික සෞඛ්‍ය ගැටළු නිරාකරණයට මග පෙන්වීම
  • බිඳුනු පවුල් සංස්ථා සඳහා උපදේශනය හා අවබෝධය තුලින් ගැටළු නිරාකරණයට සහය වීම
  • සමාජ විරෝධි ක්‍රියාවන්ගෙන් මිදිමට උපකාර කිරීම
  • පුද්ගල ජීවන තත්වය නගා සිටුවා ගැනිමට සහය ලබාදිම
  • පුද්ගල කුසලතා ඔප් නංවා ගැනිමට සහය වීම
  • යමෙක් හට සමාජය තුළ පිලිගැනීමක් ඇති කිරීම හා යහපත් වැඩදායි පුරවැසියෙකු ලෙස සමාජානුයෝජනය කිරීමට පරිසරය සැකසීම

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය

පළමු වර අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති අයවළුන් හා පුනරුත්ථාපනයෙන් පසු නැවත මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදි අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය අධ්‍යාපන සහකාර වරුන්ගේ සහය මෙන්ම හැකියාව මත මත්ද්‍රව්‍ය භාවිතා කර යහපත් ලෙස සමාජගතව සිටින පුනරුත්ථාපනලාභින්ගේ සම්පත්දායකත්ව සහය ලබා ගන්නා අවස්ථා ඇත.

එහි අරමුණු :

  • නැවත සමාජ විරෝධි ජාවාරම් වලට හසුවීම වැළැක්වීම.
  • පවුල් සංස්ථාවන් ගොඩ නැගීම.
  • දූදරුවන් ආරක්ෂා කර ගැනීම හා ආර්ථිකය ආරක්ෂා කර ගැනීම.
  • පුනරුත්ථාපනයට යොමු කිරීම ඇතුළු වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට යොමු කිරීම.
  • අර්ථ ආවර්ජනය කිරීම හා නීතිමය රාමුව පැහැදිලි කරදීම.

මෙම වැඩසටහන් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාල මඟින් සිදු කරනු ලබන අතර, එය දේශන සහය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරන අධ්‍යාපන සහ පුහුණු අංශයේ නිලධාරි සම්පත් දායකත්වයන් ලෙස යොදාගනු ලබයි.