පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය ඉල්ලා සිටින්නන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන

හැඳින්වීම

2023 අංක 02 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනතෙහි 4 (අ) වගන්තිය ප්‍රකාරව පුනරුත්ථාපනය ඉල්ලා සිටින්නන් පුනරුත්ථාපනය කිරීමේ කාර්ය සහ කර්තව්‍යයද ඉටු කිරීමට පුනරුත්ථාපන කාර්යාංශය බැදි සිටි. මෙම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් එහි පළමු පියවර වශයෙන් නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය සේනපුර හිදී ස්වේව්ඡාවෙන් පුනරුත්ථාපනය ඉල්ලා සිටින්නන්ගේ පළමු කණ්ඩායම සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලියක් ආරම්භ කිරීම2025 ඔක්තොම්බර් මස 16 වන දින සිදුවේ.
  • වයස අවුරුදු  18 – 60 ත් අතර අයවලුන් විය යුතුයි.
  • නිදන්ගත රෝග වලින් හා ආබාධීත තත්ත්වයන් රහිත පුද්ගලයින් විය යුතුය.
  • දැඩී මානසික ආබාධීත තත්වයන්ගෙන් පෙලෙන්නන් නොවිය යුතුයි.
  • භාරකරුවන්ගේ ලිඛිත කැමැත්ත.
  • පුනරුත්ථාපනනයට යොමුවිමට අපේක්ෂිත අයවලුන්ගේ ලීඛිත කැමැත්ත.
  • පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකය 
  • දරුණු ගනයේ අපරාධ වලට සම්බන්ධ හෝ එවැනි චෝදනා වලට ලක් නොවුවන් විය යුතුයි.
  • පුනරුත්ථාපන කාල සීමාව තුල නඩු කටයුතු සඳහා ඉදිරිපත් විමට නොමැති අයවලුන් විය යුතුයි.
  • NDDCB විසින් අනුමත කරන ලද ප්‍රතිකාර සැලැස්ම
  • උපදේශන වැඩසටහන්(තනි පුද්ගල/කණ්ඩායම්)
  • යෝග සැසි
  • භාවනා වැඩසටහන්
  • නායකත්ව පුහුණු වැඩසටහන්
  • ආගමික හා විශේෂ දින සැමරුම් වැඩසටහන්
  • වෛද්‍ය ප්‍රතිකාර
  • ප්‍රථමාධාර පුහුණුව
  • ආපදා කළමනාකරණ වැඩසටහන්
  • වෛද්‍ය සායන සේවා
  • ක්‍රීඩා හා ශාරීරික ව්‍යායාම
  • අමතර පහසුකම්
  • ආහාර පාන (මධ්‍යස්ථානය තුල දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව ආහාර ලබා දිමට අපේක්ෂා කෙරේ)
  • දෛනික අවශ්‍යතා සදහා ඇදුම් (උදා - ටී ෂර්ට්, සුදු කමිස, කලු කලිසම්, ශාරිරික අභ්‍යාස ඇදුම් කට්ටල,බොටම්, කලු බඳ පටි, යට ඇදුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, සරොම්,තුවා,රබර් සෙරප්පු,කැන්වස් සපත්තු, මේස් යුවල්, හිස් වැසුම්, බැනියම්).
  • දෛනික අවශ්‍යතා සදහා භාණ්ඩ  (උදා - සබන්, දන්තාලේප, දත් බුරුසු, රේසර්, කොට්ට,  මදුරු දැල්, සබන් පෙට්ටි, හැන්ගර්ස්, කොප්ප )
  • පුනරුත්ථාපනයට යොමු වන අයවලුන් සඳහා දෛනික අවශ්‍යතා කිසිවක් රැගෙන ඒමට අවශ්‍ය නැත.
    • භාරකරුවෙකුගේ පැමිණීම: සේවාදායකයෙකු මධ්‍යස්ථානයට භාරදෙන අවස්ථාවේදී භාරකරුවෙකු අනිවාර්යයෙන්ම පැමිණිය යුතුය.
    • ලිඛිත එකඟතාව: සේවාදායකයා තම ස්ව කැමැත්තෙන් ප්‍රතිකාර සඳහා යොමු වන බවට වන භාරදීමේ ලිපියට භාරකරු විසින් අත්සන් තැබිය යුතුය.
    • තොරතුරු වාර්තා කිරීම: ඔබගේ ලිපිනය, ආසන්නතම පොලිස් ස්ථානය සහ හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගත යුතු පුද්ගලයන්ගේ තොරතුරු මධ්‍යස්ථානය  වෙත ලබා දිය යුතුය.
    • භාෂා සහය: දමිළ හෝ මුස්ලිම් ජාතික සේවාදායකයින් සඳහා එම භාෂාවන් හසුරුවන උපදේශකවරුන්ගේ සහය ලබාගත හැක.

    පෞද්ගලික භාණ්ඩ සම්බන්ධ රීති

    • මධ්‍යස්ථානයට ඇතුළත් වන අවස්ථාවේදී ඔබ සතු ජංගම දුරකථන, රන් ආභරණ, මුදල් සහ අනෙකුත් වටිනා භාණ්ඩ නැවත ඔබගේ භාරකරු වෙතම ලබා දිය යුතුය. මධ්‍යස්ථානය තුළ ඒවා ළඟ තබා ගැනීම තහනම් වේ.

     සෞඛ්‍ය තොරතුරු

    • සේවාදායකයාට යම් ආහාර හෝ ඖෂධ වර්ග පිළිබඳ අසාත්මිකතා (Allergies) ඇත්නම්, ඇතුළත් වන අවස්ථාවේදී ඒ පිළිබඳව නිලධාරීන් අනිවාර්යයෙන්ම දැනුවත් කළ යුතුය.

     නිවස සමඟ සබඳතා පැවැත්වීම

    • පළමු ඇමතුම: මධ්‍යස්ථානයට පැමිණ දින 20 කට පසුව පළමු දුරකථන ඇමතුම ලබා දීමට අවස්ථාව හිමිවේ.
    • මාසික ඇමතුම්: ඉන්පසු සෑම මසකම දෙවන සතියේ ඉරිදා සහ අවසන් සතියේ ඉරිදා යන දිනවලදී නිවස වෙත ඇමතුම් ලබා ගත හැක.
    • හදිසි අවස්ථාවකදී: හදිසි අවශ්‍යතාවකදී සම්බන්ධ වීමට අතිරේක පුනරුත්ථාපන අධිකාරීවරයාගේ දුරකථන අංකය පමණක් භාරකරු වෙත ලබා දෙනු ඇත.

     

ස්වේච්ඡා පුනරුත්ථාපනය ඉල්ලා සිටින පුද්ගලයින් සඳහා අයදුම්පත්‍රය

අපි ඔබට උදව් කරන්නේ කෙසේද?

ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම්, පුනරුත්ථාපන සම්බන්ධ ඕනෑම විමසීමක් සඳහා ඔබට සහාය වීමට සූදානම්.