පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

වෙසක් පුර පසළොස්වක පොය දින සැමරුම් 2026

2026 වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය නිමිති කරගෙන පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත් මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් 2026 මැයි මස 27 වන දින ශ්‍රී විජය සුමනාරාමය, කොරබේ, බත්තරමුල්ල විහාරස්ථානයේ හි ධර්ම දේශනයක් සහ දහවල් දානමය පිංකමක් සිදුකරන ලදී.
ධර්ම දේශනය ගෞරවනීය උභය විහාරාධිකාරී කොරාඹේ සෝමානන්ද හිමි විසින් සිදුරන ලද අතර ව්‍යාංජන 32 කින් යුත් බුද්ධ පුජාව ඇතුළුව ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් දහවල් දානමය පිංකමක්ද සිදුකරන ලදී.
එම අවස්ථාව සදහා අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් (රාජකාරී ආවරණ), පුනරුත්ථාපන කාර්යාංශයේ කොමසාරිස් (පාලන) ඇතුළු පුනරුත්ථාපන කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ සියළු කාර්යමණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී.