වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක වීම
මත්ද්‍රව්‍ය නිවාරණ සැලැස්මට අනුව, පාසල් දූ දරුවන් දැනුවත් කිරීම සඳහා සෑම දිස්ත්‍රික් කාර්යාලයක් විසින්ම මසකට අවම වශයෙන් වැඩසටහන් 02 බැගින් පවත්වනු ලැබේ.
🎯 වැඩසටහනේ ප්‍රධාන අරමුණු
අපගේ මූලික ඉලක්කය වන්නේ දරුවන් තුළ කායික හා මානසික ශක්තිය වර්ධනය කිරීමයි:
රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය
අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකි සිටීම/ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම හා මත්ද්‍රව්‍ය නිවාරණය පදනම් කර ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රජාව අතර පැතිරියාමේ ප්රවනතාවය වලක්වා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරනු ලබයි. මෙහිදි මෙම වැඩසටහන් සංවිධානය කිරීමේදි එක් එක් රාජ්‍ය ආයතනයන්හි ආයතන ප්‍රධානින් වෙතින් ලිඛිත ඉල්ලිමක් සිදුකර දිනයක් වේලාවක් වෙන්කොට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සම්පත් දායකත්වය ඇතිව වැඩසටහන් දියත් කරනු ලබයි.
එහි අරමුණු :
ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය
මත්ද්‍රව්‍ය යනු සමස්ථ ප්‍රජාවටම බලපෑම් කරනු ලබන බීජයක් බැවින් එම බීජ කාරකය සමස්ථ ප්‍රජාව අතර පැතිරීම අවම කිරීම වැලැක්වීම උදෙසා ග්‍රාම නිලධාරින්, ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහ සම්බන්ධතාවය මත ග්‍රාමීය මට්ටමේ සිට නගර බද ප්‍රජාව දක්වා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනු ලබයි. ඒ අනුව එක් එක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ග්‍රාම නිලධාරීන්/ ක්ෂේත්‍ර නිලධාරින් මේ පිළිබඳව දැනුවත් කිරීම මූලික අදියර වශයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් යටතේ සිදු කරනු ලබන අතර, ඉන් අනතුරුව ඔවුන් විසින් වැඩසටහන් පැවැත්වීමට අත්‍යාවශ්‍ය ප්‍රදේශ හදුනාගෙන ප්‍රජාව රැස්කර වැඩසටහන් සංවිධානය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙනු ලබයි.
එහි අරමුණු :
පුද්ගල හා පවුල් උපදේශන වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය
මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පුනරුත්ථාපනයට යොමු වී සමාජගතවූවන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන්ගෙන් පුද්ගලික වශයෙන් හෝ පවුල් සංස්ථාව තුල හටගත් ගැටලුකාරි තත්ව අවම කර ගැනීම/ වළක්වා ගැනිම උදෙසා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම උපදේශන කටයුතු දිස්ත්‍රක් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයන් සඳහා අනුයුක්ත කර සිටින උපදේශක නිලධාරින් විසින් සිදු කරනු ලබන අතර එසේ නොමැති කාර්යාලයන්හි උපදේශන වැඩ සටහන් සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක/ උපදේශිකාවන් මෙන්ම අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් උපදේශක නිලධාරින්ගේ සහය ලබාගනු ලබයි. තවද මෙම වැඩසටහන් සංවිධානය කිරීමේ අරමුණු පහත සදහන් පරිදි දැක්විය හැක.
එහි අරමුණු :
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය
පළමු වර අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති අයවළුන් හා පුනරුත්ථාපනයෙන් පසු නැවත මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදි අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය අධ්‍යාපන සහකාර වරුන්ගේ සහය මෙන්ම හැකියාව මත මත්ද්‍රව්‍ය භාවිතා කර යහපත් ලෙස සමාජගතව සිටින පුනරුත්ථාපනලාභින්ගේ සම්පත්දායකත්ව සහය ලබා ගන්නා අවස්ථා ඇත.
එහි අරමුණු :
මෙම වැඩසටහන් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාල මඟින් සිදු කරනු ලබන අතර, එය දේශන සහය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරන අධ්‍යාපන සහ පුහුණු අංශයේ නිලධාරි සම්පත් දායකත්වයන් ලෙස යොදාගනු ලබයි.
ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම්, පුනරුත්ථාපන සම්බන්ධ ඕනෑම විමසීමක් සඳහා ඔබට සහාය වීමට සූදානම්.