පුනරුත්ථාපන කාර්යාංශය මගින් දැනට සිදු කරනු ලබන පුනරුත්ථාපන ක්‍රියාවලි තව දුරටත් නූතන ලෝකයට සරිලන අයුරින් වඩාත් විධිමත් විද්‍යාත්මක ප්‍රවේශයක් යටතේ සිදු කිරීමට අවශ්‍ය විෂයන්ගේ ප්‍රවීණ විද්වතුන්ගෙන් සමන්විත පුනරුත්ථාපන කාර්යාංශ “නිවාරණය හා පුනරුත්ථාපනය සඳහා වන බුද්ධි මණ්ඩලය” (Think Tank For Prevention & Rehabilitation) 2026.05.12 දින පුනරුත්ථාපන කාර්යාංශයේ පාලක සභාවේ සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් යුතුව පුනරුත්ථාපන කාර්යාංශ ශ්‍රවනාගාරයේ දී රැස් වන ලදී.
මෙම බුද්ධි මණ්ඩලයේ මංගල සැසි වාරය සදහා පුනරුත්ථාපන කාර්යාංශයේ පාලක සභාවේ සභාපතිනිය වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත්, කොමසාරිස් (පුනරුත්ථාපන) බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල්, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය රුවන් ලියනගේ, විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ අංශ ප්‍රධානි වෛද්‍ය හරිනි ද සොයිසා, කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය ඕෂධි වින්ධ්‍යා හේරත්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක ගාමිණී රත්නායක, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සුරංග ලක්මාල් වේවැල්වල, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන, කැළණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආර්එම්ජීකේ කරුණාරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උපදේශන නිළධාරි ධනුෂ්ක සම්පත් විජේසිංහ සහ පුනරුත්ථාපන කාර්යාංශ උපදේශන නිළධාරි සරත් අමරබන්ධු යන නිළධාරින් සහභාගී වන ලදී.
මෙහිදී පැමිණ සිටි විද්වතුන් විසින් මෙම ක්‍රියාවලිය සහ බුද්ධි මණ්ඩලයේ ඉදිරි ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වන ලද අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ලෙස වඩාත් නිවැරදි සහ විද්‍යානුකූල පුනරුත්ථාපන ක්‍රියාවලියක අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරමින් අදහස් හුවමාරු කරගන්නා ලදී.