නිකුත් කරන ලදී.
2006.09.12 වන දින අංක 1492/9 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයෙන් අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් සුහද කේ. ගම්ලත් මහතා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් වශයෙන් ප‍්‍රථමයෙන් පත් කරන ලදී.
ඉන්පසු මානුෂීය මෙහෙයුම් හමුවේ රජයට භාරවුණු නොමගගිය සටන්කරුවන් ප‍්‍රමාණය ඉහළ යාමත් සමගම ඊට ගැලපෙන අයුරින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල්/ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කර ත්‍රිවිධ හමුදා කාර්ය මණ්ඩලයේද සහයෝගය ඇතිව පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යන ලදී.
මධ්‍යස්ථාන 24 කින් ආරම්භ වූ මෙම පුනරුත්ථාපන ක‍්‍රියාවලිය මේ වන විට නොමග ගිය සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීමේ අවසන් අදියර වෙත ළඟාවී ඇති අතර 2021.12.31 දින වන විට එල්ටීටීඊ පුනරුත්ථාපනලාභීන් 12196 ක් පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර යහපත් පුරවැසියන් වශයෙන් සමාජගත කර ඇත.
ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම්, පුනරුත්ථාපන සම්බන්ධ ඕනෑම විමසීමක් සඳහා ඔබට සහාය වීමට සූදානම්.