අධිකරණ නියෝග යටතේ පුනරුත්ථාපනය සඳහා යොමු කරනු ලබන නොමගගිය සටන්කරුවන් සහ අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ස්ථාපනය කරන ලද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය, 2023 අංක 2 දරන පනත යටතේ ”පුනරුත්ථාපන කාර්යාංශය” වශයෙන් සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපනය කෙරිණි. මෙම පුනරුත්ථාපන කාර්යාංශය මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ලබයි.
2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහිවු තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපන පිළිබඳ පනත ප්‍රකාරව ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ඉල්ලා සිටින හෝ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දිය යුතු යැයි එම නීතියෙන් නියම කර ඇති ඖෂධවලට ඇබ්බැහි වු තැනැත්තන් සඳහා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දීම මෙම කාර්යාංශයේ ප්‍රධාන කාර්යභාරය වේ. ඒ සඳහා මේ වන විට මෙම කාර්යාංශය යටතේ,
පවුල් සංස්ථාව ශක්තිමත් කිරිම, එහි වැදගත්කම, ද්විපාර්ශවීය වැදගත්කම අවබෝධ කර දීම හා පවුල් සංස්ථාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වු ආර්ථික, සමාජීය හා සුභ සාධන කටයුතු නගා සිටුවීම.
පුනරුත්ථාපනයට යොමු කරනු ලබන පුනරුත්ථාපනලාභීන් හට මාස 06 ක කාලසීමාව තුළ අවශ්‍ය මූලික පහසුකම් සපුරාලමින් විධිමත් කාලසටහනකට අනුව මනෝ වෛද්‍යවරුන්, උපදේශන නිලධාරීන් බාහිර වෘත්තීය නිලධාරින් මෙන්ම වෘත්තීය පුහුණු උපදේශකයින්ගේ සහභාගීත්වයෙන්,
එමගින් පුනරුත්ථාපන ක්‍රියාවලිය අවසානයේ සමාජගත කරනු ලබන මෙම පුනරුත්ථාපනලාභීන් සමාජයේ ප්‍රතික්ෂේපිත නොවන පුද්ගලයකු වශයෙන් මෙන්ම සමාජයට ආදර්ශවත් අත්‍යාවශ්‍ය පුද්ගලයකු වශයෙන් සහ සමාජය තුළ ජීවත් වන අන් අයට වඩා වැඩි දැනුම් සම්භාරයක් ඇති රටට වැඩදායි පුද්ගලයකු වශයෙන් සමාජගත කිරීම සිදු කරනු ලබයි.
ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම්, පුනරුත්ථාපන සම්බන්ධ ඕනෑම විමසීමක් සඳහා ඔබට සහාය වීමට සූදානම්.