පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

රැකියා

අයදුම් කරන ආකාරය

පුනරුත්ථාපන කාර්යාංශය විසින් පහත සඳහන් පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්කරුවන්ට අදාළ අවස්ථාවලදී මාර්ගගත අයදුම්පත්‍රය භාවිතා කර අයදුම් කළ හැකි අතර, අවශ්‍ය නම් භෞතිකව ඉදිරිපත් කිරීම සඳහා PDF අයදුම්පත්‍රයද බාගත කළ හැක.

මාර්ගගතව අයදුම් කිරීම

ප්‍රචාරය කර ඇති ඕනෑම තනතුරක් සඳහා පොදු මාර්ගගත අයදුම්පත්‍රය භාවිතා කර අයදුම් කළ හැක. අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර අදාළ තනතුර නිවැරදිව තෝරාගෙන, අවශ්‍ය සියලු තොරතුරු නිවැරදිව සම්පූර්ණ කර ඇති බවට සහතික වන්න.

භෞතික අයදුම්පතක් මඟින් අයදුම් කිරීම

අතින් පිරවූ අයදුම්පතක් මඟින් අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට PDF අයදුම්පත්‍රය බාගත කර, එය පැහැදිලිව සම්පූර්ණ කර, අදාළ තනතුරට ලබා දී ඇති උපදෙස් අනුව ඉදිරිපත් කළ හැක.

අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර කරුණාකර පහත උපදෙස් සලකා බලන්න.

  • ඔබ විසින් අයදුම්පත සම්පූර්ණ කළ යුත්තේ මාර්ගගත ක්‍රමයට (Online) පමණි.
  • අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර ඔබ විසින් අයදුම් කිරීමට බලාපොරොත්තු වන තනතුරට අදාළව, මෙහි දක්වා ඇති උපදෙස් හොඳින් කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව අයදුම්පත සම්පූර්ණ කරන්න.
  • ඔබ විසින් තනතුරු කිහිපයක් සඳහා අයදුම් කරන්නේ නම්, ඒ සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතුය.
  • අයදුම්පත ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සම්පූර්ණ කළ යුතුය. (ඔබේ පහසුව සඳහා අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව සිංහල/ඉංග්‍රීසි/දෙමළ භාෂාවලින් ලබා දී ඇත.)
  • පළමුව ඔබ අයදුම් වර්ගය නිවැරදිව තේරිය යුතුය (Please select your applicant type (select only one)).
  • මෙහිදී දැනට පුනරුත්ථාපන කාර්යාංශයේ ස්ථිර සේවකයන් පමණක් Internal Applicant යන්නට අයත් වේ.
  • අනෙකුත් සියලු අයදුම්කරුවන් External Applicant වේ.
  • දෙවනුව ඔබ විසින් බඳවාගැනීමේ විභාගයට පෙනී සිටීමට අවශ්‍යතාවයක් වූවහොත් එසේ පෙනී සිටීමට අපේක්ෂා කරන මාධ්‍යය නිවැරදිව තෝරන්න. (ඉල්ලුම් කළ හැක්කේ එක් මාධ්‍යයක් පමණි.) අයදුම්පත්‍රය submit කිරීමෙන් පසුව කිසිදු හේතුවක් නිසා නැවත මාධ්‍යය වෙනස් කළ නොහැක.
  • තෙවනුව අයදුම්පත්‍රයේ අංක 1 සිට 10 දක්වා අදාළ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කළ යුතුය.
  • Application for the Post of යන්නට ඔබ අයදුම් කරන තනතුර නිවැරදිව සඳහන් කළ යුතුය. (ඒ සඳහා ඉංග්‍රීසි දැන්වීම භාවිත කරන්න.)
  • විභාග ප්‍රවේශ පත්‍රය / සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපි යොමු කරනු ලබන්නේ අංක 06 සඳහන් ලිපිනයට වේ. (සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේදී ලිපි එවිය යුතු ලිපිනය)
  • පුනරුත්ථාපන කාර්යාංශයේ ස්ථිර සේවකයන් පමණක් අයදුම්පත් ගාස්තු නොගෙවිය යුතු අතර (විභාග ගාස්තු ගෙවිය යුතු තනතුරු සඳහා පමණි), අනෙකුත් සියලුම බාහිර අයදුම්කරුවන් රු. 1000/- ක අයදුම්පත් ගාස්තු ගෙවීම අනිවාර්ය වේ.
  • විභාග පැවැත්වීමක් නොමැති අවස්ථාවන්හිදී අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් මගින් මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරා ගනු ලබන අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.
  • ඔබ තනතුරු කිහිපයකට අයදුම් කරන්නේ නම් අදාළ තනතුරු සඳහා වෙන වෙනම අයදුම්පත් ගාස්තු ගෙවිය යුතුය.
  • “Bureau of commissioner General of Rehabilitation” නමින් පවත්වාගෙන යනු ලබන, ලංකා බැංකුවේ Borella Super Grade Branch ශාඛාවේ අංක 0007042763 දරණ ගිණුමට මුදල් බැර කිරීමෙන් (මාර්ගගත ක්‍රමයට හෝ CDMA මාර්ගයෙන් ද ඉහත සඳහන් මණ්ඩලයේ ගිණුමට ගෙවීම් සිදු කළ හැකිය), මුදල් තැන්පතු පත්‍රිකාවේ පිටපතක් ඔබ ළඟ තබාගෙන එහි මුල් පිටපතෙහි (Deposit slip) ඉහළින්, නිල් පැහැති පෑනක් පමණක් භාවිතා කර ඔබ අයදුම් කරන තනතුර පැහැදිලි අකුරින් සඳහන් කර අයදුම්පතට අමුණා එවිය යුතුය.
  • අයදුම්පත් ගාස්තුව නැවත ගෙවනු නොලැබේ.
  • අයදුම්පත්‍රයේ 31 කොටස සම්පූර්ණ කිරීමේදී,
    • Bank Name - ඔබ විසින් මුදල් ගෙවන ලද බැංකුවේ නම
    • Branch - මුදල් ගෙවන ලද බැංකු ශාඛාව
    • Account Number - මාර්ගගත ක්‍රමයට මුදල් ගෙවන ලද්දේ නම් එම ගිණුම් අංකය (CDMA හෝ බැංකුවට ගෙවන ලද්දේ නම් එම අංකය)
    • Transaction ID / Reference No (if applicable) - මාර්ගගත ක්‍රමයට හෝ බැංකුවට මුදල් ගෙවන ලද්දේ නම් එහි මුද්‍රිත අංකය ද, CDMA මඟින් මුදල් ගෙවන ලද්දේ නම් එහි මුද්‍රිත අංකය ද සඳහන් කරන්න.
  • අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් අනතුරුව “Submit Application” බොත්තම (Tab) භාවිතා කර එහි පිටපතක් බාගත කර, දෘඪ පිටපතට මුදල් ගෙවූ රිසිට්පතේ මුල් පිටපත අමුණා යුතුය.
  • අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව කිසිදු වෙනස් කිරීමක් සිදු කළ නොහැක. බාගත කරන ලද අයදුම්පත්‍රයේ ඔබ විසින් කිසියම් වෙනස්කමක් සිදුකර ඇත්නම්, එවැනි අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • රජයේ දෙපාර්තමේන්තු/ සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු අයදුම්කරුවන් අදාළ ආයතන/ දෙපාර්තමේන්තු ප්‍රධානීගේ අනුමැතිය සහිතව අයදුම්පත් යොමු කළ යුතුය.
  • අයදුම්පත්‍රයේ ඔබ විසින් සපයා ඇති තොරතුරු සත්‍ය සහ නිවැරදි බවට ප්‍රකාශ කර, කිසියම් අසත්‍ය තොරතුරක් පසුව අනාවරණය වුවහොත් අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හෝ රැකියාව අවසන් කිරීමට හේතු විය හැකි බව ඔබ තේරුම් ගත් බවට ඔබ විසින් අත්සන් කළ යුතුය.
  • අයදුම් කරන ලද තනතුර ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ පැහැදිලිව සඳහන් කර, අදාළ සහතිකවල පිටපත් සහ බාගත කරන ලද අයදුම්පත සමඟ ලියාපදිංචි තැපෑලෙන් “පුනරුත්ථාපන කාර්යාංශය, අංක: 462/2, කඩුවෙල පාර, ගණහේන, බත්තරමුල්ල” යන ලිපිනයට අයදුම්පත් භාරගන්නා අවසන් දිනට පෙර යොමු කළ යුතුය.
  • ඉහත උපදෙස් පරිදි අයදුම්පත ලබාගැනීම සඳහා මෙය CLICK HERE භාවිතා කරන්න.
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනට නියමිත සුදුසුකම් සපුරා නොමැති අයදුම්පත් / අසම්පූර්ණ අයදුම්පත් / මුදල් තැන්පතු පත්‍රිකාවේ මුල් පිටපත අමුණා නොමැති අයදුම්පත් (විභාග ගාස්තු ගෙවිය යුතු තනතුරු සඳහා පමණි) / මාර්ගගත ක්‍රමයට (Online) සම්පූර්ණ කර බාගත කරන ලද අයදුම්පත හැර ඉදිරිපත් කරන ලද වෙනත් අයදුම්පත් / අදාළ සහතිකවල පිටපත් අමුණා නොමැති අයදුම්පත් / අයදුම්පත් භාරගන්නා අවසන් දිනට පසු ලැබෙන අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. කිසියම් හේතුවක් මත අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කළ විට කුමන හේතුවක් නිසා හෝ නැවත සලකා නොලැබේ.
  • පුනරුත්ථාපන කාර්යාංශයේ තීරණය අවසාන තීරණය වේ.

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර 0112883891 සහ දිගු අංක 139 අමතන්න.

දැනට පවතින පුරප්පාඩු

දැනට ක්‍රියාත්මක පුරප්පාඩු නොමැත.

උපදේශන නිලධාරී (පුනරුත්ථාපන) - ස්ථිර පදනම/ කොන්ත්‍රාත් පදනම

උපදේශන සහකාර (පුනරුත්ථාපන) - ස්ථිර පදනම/ කොන්ත්‍රාත් පදනම