පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය

විශ්ලේෂණය සහ කාර්යයන්

අධිකරණ නියෝග යටතේ පුනරුත්ථාපනය සඳහා යොමු කරනු ලබන නොමගගිය සටන්කරුවන් සහ අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ස්ථාපනය කරන ලද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය, 2023 අංක 2 දරන පනත යටතේ පුනරුත්ථාපන කාර්යාංශයවශයෙන් සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපනය කෙරිණි. මෙම පුනරුත්ථාපන කාර්යාංශය මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වනු ලබයි.

2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහිවු තැනැත්තන් (ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන පිළිබඳ පනත ප‍්‍රකාරව ප‍්‍රතිකාර  සහ පුනරුත්ථාපනය ඉල්ලා සිටින හෝ ප‍්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දිය යුතු යැයි එම නීතියෙන් නියම කර ඇති ඖෂධවලට ඇබ්බැහි වු තැනැත්තන් සඳහා ප‍්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දීම මෙම කාර්යාංශයේ ප‍්‍රධාන කාර්යභාරය වේ. ඒ සඳහා මේ වන විට මෙම කාර්යාංශය යටතේ,


වශයෙන් මධ්‍යස්ථාන තුනක් ක‍්‍රියාත්මක වේ.
  1. පුනරුත්ථාපනලාභින් අන්තරායකර ඖෂධ භාවිතයෙන් ඈත්වීම සඳහා සහාය වීම හා මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාර ක‍්‍රම තුලින් චර්යාත්මක වෙනසකට භාජනය කිරීම.
  2. ඔවුන්ගේ ජීවන වටපිටාව හා වාතාවරණය වෙනස් කිරීම තුලින් අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහිවිමෙන් මොවුන් මුදවා ගැනීම.
  3. සමාජගත වීමෙන් පසු රැකියා අවස්ථාවන් උදාකර ගැනීමට හැකිවන පරිදි වෘත්තීය දැනුම ලබාදීම සඳහා මග පෙන්විම.

පවුල් සංස්ථාව ශක්තිමත් කිරිම, එහි වැදගත්කම, ද්විපාර්ශවීය වැදගත්කම අවබෝධ කර දීම හා පවුල් සංස්ථාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වු ආර්ථික, සමාජීය හා සුභ සාධන කටයුතු නගා සිටුවීම.

පුනරුත්ථාපනයට යොමු කරනු ලබන පුනරුත්ථාපනලාභීන් හට මාස 06 ක කාලසීමාව තුළ අවශ්‍ය මූලික පහසුකම් සපුරාලමින් විධිමත් කාලසටහනකට අනුව මනෝ වෛද්‍යවරුන්, උපදේශන නිලධාරීන් බාහිර වෘත්තීය නිලධාරින් මෙන්ම වෘත්තීය පුහුණු උපදේශකයින්ගේ සහභාගීත්වයෙන්,

  • කායික,මානසික,සෞඛ්‍ය අධ්‍යාත්මික වැඩසටහන්
  • විශේෂිත දැනුවත් කිරීමේ වැඩසටහන්
  • වෘත්තීය පුහුණු වැඩසටහන්

එමගින් පුනරුත්ථාපන ක‍්‍රියාවලිය අවසානයේ සමාජගත කරනු ලබන මෙම පුනරුත්ථාපනලාභීන් සමාජයේ ප‍්‍රතික්ෂේපිත නොවන පුද්ගලයකු වශයෙන් මෙන්ම සමාජයට ආදර්ශවත් අත්‍යාවශ්‍ය පුද්ගලයකු වශයෙන් සහ සමාජය තුළ ජීවත් වන අන් අයට වඩා වැඩි දැනුම් සම්භාරයක් ඇති රටට වැඩදායි පුද්ගලයකු වශයෙන් සමාජගත කිරීම සිදු කරනු ලබයි.

පුනරුත්ථාපනයට යොමු කරනු ලබන පුනරුත්ථාපනලාභීන්ට අවශ්‍ය මුලික පහසුකම් සපුරාලමින් විධිමත් කාල සටහනකට අනුව මාස 06 ක පුනරුත්ථාපන වැඩසටහන් ශ‍්‍රී ලංකාවේ පිළිගත් මානසික වෛද්‍යවරුන්, උපදේශක නිලධාරීන්, සුදුසුකම්ලත් බාහිර වෘත්තීය නිලධාරීන්ගේ, සම්පත්දායකයන්ගේ සහභාගිත්වයෙන් කායික, මානසික, සෞඛ්‍ය හා ආධ්‍යාත්මික වැඩසටහන් මෙම කාල සීමාව තුල සිදු කරනු ඇත.

එම වැඩසටහන් පැවැත්වීම තුලින් විවිධ වූ කායික හා මානසික ව්‍යාකූලතාවයන්ගෙන් පෙලූනු පුනරුත්ථාපනලාභින්ගේ කායික හා මානසික තත්ත්වය ඉහල නංවාලීමට මෙන්ම සුභවාදී ආකල්ප හා ධනාත්මක චින්තනය ඇති කිරීමට සහ අන්තරායකර ඖෂධ වලින් මුදවා සමාජයට වැඩදායි පුද්ගලයින් බවට පත් කිරීමට ඉවහල් වී ඇත.