පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

ලස්සන ජිවිතයක් මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක් පළමු දිස්ත්‍රික් වැඩමුලුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇ⁣රඹේ

වර්තමාන රජයෙහි මත්ද්රව්ය පිටු දැකීමේ ක්රියාවලියට සෘජුවම දායකත්වය දක්වන පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන ක්රියාවලිය සහ මත්ද්රව්ය උවදුර තුරන් කිරිමේ ක්රියාවලිය සඳහා රාජ්ය ආයතන හා රාජ්ය නොවන ආයතනයන්හි සෘජු මැදිහත් වීම ලබා ගැනීමට ඔවුන් එක් ජාලයකට ජාලගත කිරීමේ අවශ්යතාවයට අනුව උපදේශන නිළධාරින් දැනුවත් කිරීමේ පළමු වැඩමුළුව ගම්පහ දිස්ත්රික්කය ඉලක්ක කර ගනිමින් 2025.10.14 දින ආරම්භ කරන ලදී.

මෙදින ආරම්භක වැඩමුළුව ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය එම්එම් මොහොමඩ් මුනීර් මහතා, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ යූපී අබේවික්රම, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රුවන් මාපලගම, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි ජ්යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්ය ඉන්දික වන්නිනායක, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් එම්එස් අමිත් ඇතුළු ආරාධිතයින් සහ උපදේශන නිළධාරින් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.