රත්නපුර දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීම
පුනරුත්ථාපන කාර්යාංශයේ 14 වන දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේජීඑස් නිශාන්ත මහතාගේ සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත් ගේ ප්‍රධානත්වයෙන් 2026.02.02 දින විවෘත කරන ලදී.
රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් බීටීජීඅයි කරුණාරත්න මහත්මිය, ගණකාධිකාරි තුමිය, දිස්ත්‍රික් ඉංජිනේරු, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ, රත්නපුර දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි කර්නල් ජීඒඩීඅයිඑස් සමරනායක, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රත්නපුර සම්බන්ධීකාරක දයානි චානිකා මහත්මිය ඇතුළු නිළධාරින් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.
මෙම කාර්යාංශය මගින් සිදු කරනු ලබන්නාවූ පුනරුත්ථාපන ක්‍රියාවලිය ප්‍රජාව අතරට තවත් පුළුල්ව රැගෙන යාම, පුනරුත්ථාපනයෙන් පසු සමාජගත වූ අයවලුන්ගේ ආර්ථීක, සමාජයීය තත්ත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම මෙම නව කාර්යාලය පිහිටුවීමේ අරමුණ වේ