වර්තමාන රජයෙහි “රටම එකට” මත්ද්‍රව්‍ය පිටු දැකීමේ ජාතික ක්‍රියාවලියට සෘජුවම දායකත්වය දක්වන පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමේ ජාතික ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතනයන්හි සෘජු මැදිහත් වීම ලබා ගැනීම සදහා ඔවුන් එක් ජාලයකට ජාලගත කිරීමේ අවශ්‍යතාවය අනුව ආරම්භ කරන ලද උපදේශන නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සිව්වන වැඩමුළුව යාපනය දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් 2026.07.21 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
මෙම වැඩසටහන යාපනය දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදිපන් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් අධ්‍යාපන ලේකම්, පැට්‍රික් දිරන්ජන් මහතා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත්, අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල්, අතිරෙක් දිස්ත්‍රික් ලේකම් යාපනය කයිලයපිල්ලයි සිවකරන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වු අතර, මත්ද්‍රව්‍යවලින් තොර දේශයක, දිස්ත්‍රික්කයක, අනාගතයක වැදගත්කම පිළිබඳව දිස්ත්‍රික් ලේකම් තුමන් විසින් අවධාරණය කරන ලදි.
තවද යාපනය දිස්ත්‍රික්කයේ උපදේශන රාජකාරියේ නියුතු උපදේශන නිළධාරින් පාසල් ගුරුවරුන් මෙම දැනුවත් කිරිමට එක් වු අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අයි ප්‍රවීන් මහතා, චාවකච්චේරි රෝහලේ මනෝ වෛද්‍ය විනෝදා අච්චුදන් මහත්මිය විසින් සහභාගි වුවන් හට දැනුවත් කිරිමේ දේශනයන් පවත්වන ලදි.
අනතුරුව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් තුමන්, මනෝ වෛද්‍ය විනෝදා අච්චුදන් මහත්මිය , පරිවාස හා ළමාරක්ෂක සේවයේ කොමසාරිස් සුජිවා සිවදාස් මහත්මිය, නවජන්ම රෝග විශේෂඥ වෛද්‍ය එස් නිත්තිරූබන් මහතා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අයි ප්‍රවීන් මහතා ප්‍රධානත්වයෙන් විශේෂ විද්වත් සාකච්ඡාවක් ද පවත්වන ලදි.