පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

උපදේශන නිලධාරීන් සඳහා වූ තෙවන දිස්ත්‍රික් වැඩමුළුව – පොලොන්නරුව දිස්ත්‍රික්කය

 

වර්තමාන රජයෙහි “රටම එකට” මත්ද්‍රව්‍ය පිටු දැකීමේ ජාතික ක්‍රියාවලියට සෘජුවම දායකත්වය දක්වන පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමේ ජාතික ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතනයන්හි සෘජු මැදිහත් වීම ලබා ගැනීම සදහා ඔවුන් එක් ජාලයකට ජාලගත කිරීමේ අවශ්‍යතාවය අනුව ආරම්භ කරන ලද උපදේශන නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තෙවන වැඩමුළුව “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” ⁣ට සමගාමීව පො⁣ළොන්නරුව දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් 2026.03.05 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

මේ වැඩමුළුව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඊඑම්ඩීඑස් ඒකනායක මහතා, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, පොළොන්නරුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා, රජරට විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබද මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය අමිල ඉසුරු මහතා, අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නියෝජනය කරමින් ධනුෂ්ක සම්පත් වි⁣ජේසිංහ මහතා, පොළොන්නරුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික්ක රාජ්‍ය නිළධාරින් ,ආරාධිතයින් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියොජනය කරන උපදේශන නිළධාරින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් බිහිකරලීම උදෙසා අවශ්‍ය දැනුම බෙදා ගැනීම සම්බන්ධීකරණ ජාලයක් නිර්මාණය කිරීම පුනරුත්ථාපන සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ශක්තිමත් කිරීමමෙහි අරමුණින් යුතුව විශේෂ සංවාදාත්මක විද්වත් කතිකාවක් ද මෙහිදි පැවැත්විණි.