වර්තමාන රජයෙහි “රටම එකට” මත්ද්‍රව්‍ය පිටු දැකීමේ ජාතික ක්‍රියාවලියට සෘජුවම දායකත්වය දක්වන පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමේ ජාතික ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතනයන්හි සෘජු මැදිහත් වීම ලබා ගැනීම සදහා ඔවුන් එක් ජාලයකට ජාලගත කිරීමේ අවශ්‍යතාවයට අනුව ආරම්භ කරන ලද උපදේශන නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩමුළුව ගාල්ල දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් 2026.01.21 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යේදි පැවැත්විණි.
මේ වැඩමුළුව පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය,ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා,පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත් ඇතුළු ගාල්ල දිස්ත්‍රික්ක රාජ්‍ය නිළධාරින් ,ආරාධිතයින් සහ ගාල්ල දිස්ත්‍රික්කය නියොජනය කරන උපදේශන නිළධාරින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් බිහිකරලීම උදෙසා අවශ්‍ය දැනුම බෙදා ගැනීම සම්බන්ධීකරණ ජාලයක් නිර්මාණය කිරීම, පුනරුත්ථාපන සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ශක්තිමත් කිරීම, මෙහි අරමුණ විය.