වත්මන් රජයේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික ක්‍රියාවලියට සමගාමිව අන්තරායකර ඖෂධ හෙවත් භයානක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව ජීවන මග අඳුරු කරගත් තරුණ ජිවිතවලට ආලෝකයක් එක් කරනු පිණිස සිය ජිවිතය නැවතත් යහමගට ගැන්ම උදෙසා පුනරුත්ථාපනය ඉල්ලා සිටින්නන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයේ යෙදවීමේ පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පුනරුත්ථාපන කාර්යංශයේ සභාපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මැතිණියගේ සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාර මැති තුමන් විසින් වැලිකන්ද සේනපුර දී 2025.10.16 දින විවෘත කරන ලදී.
මේ අවස්ථාව සඳහා නිවාස ඉදිකිරිම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු T.B සරත් මැතිතුමා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සුනිල් රත්නසිරී මැතිතුමන් සහ ගරු පද්මසිරි බණ්ඩාර මැතිතුමන්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් – E.M.D.S. ඒකනායක මැතිතුමන් හා වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් T.M ඉර්ෆාන් මහතා, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් JSBW පල්ලෙකුඹුර ඇතුලු සම්භාවනිිය අමුත්තන් රාශියක් සහභාගි වූ අතර,පුනරුත්ථාපනලාභිනගේ ආකල්ප කුසලතා සංවර්ධනය සඳහා විශේෂයෙන් නිර්මිත ආකල්ප හා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරිමද මෙහිදී සිදු විය.
මෙහිදි සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය සදහා යොමුවන පිරිසට ආහාරපාන, නේවාසික පහසුකම් හා සියළුම පහසුකම් සහිතව මතින් තොර ජීවිතයකට පරිවර්තනය වීම සදහා සියලු පහසුකම් නොමිලයේ රජය විසින් සපයා දෙනු ලබන අතර, මාස 3 ක පුනරුත්ථාපන ක්‍රියාවලියකින් පසු මොවුන් සමාජගත කිරිමට නියමිතය.
එම වැඩසටහනින් අනතුරුව ගරු කතානායකතුමන් ප්රමුඛ සම්භාවනීය අමුත්තන් නවෝදාව ප්රතිකාරක මධ්‍යස්ථානය සේනපුර හි නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර, එම මධ්‍යස්ථානයේ ඉදිරි කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කරන ලදි.