උපදේශන නිලධාරීන් සහ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාව: රත්නපුර දිස්ත්රික් වැඩසටහන
වර්තමාන රජයෙහි “රටම එකට” මත්ද්රව්ය පිටුදැකීමේ ජාතික ක්රියාවලියට සෘජුවම දායකත්වය දක්වන පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන ක්රියාවලිය සහ මත්ද්රව්ය උවදුර තුරන් කිරීමේ ජාතික ක්රියාවලිය සඳහා රාජ්ය ආයතන හා රාජ්ය නොවන ආයතනයන්හි සෘජු මැදිහත් වීම ලබා ගැනීමේ අරමුණින්, එම ආයතන එක් ජාලයකට ජාලගත කිරීමේ ජාතික අවශ්යතාවය අනුව අරඹන ලද උපදේශන නිලධාරීන් සහ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ රත්නපුර දිස්ත්රික් වැඩසටහන 2026.10.02 දින රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
රත්නපුර දිස්ත්රික් ලේකම් එම්.ජී. ලලිත් ආනන්ද මහතාගේ ප්රධානත්වයෙන්, අතිරේක දිස්ත්රික් ලේකම් අමිල සුරංජිත් විජේරත්න මහතා, ප්රාදේශීය ලේකම්වරුන්, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් එම්.එස්. අමිත් මහතා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපති, විෂ මත්ද්රව්ය පිටුදැකීමේ ජාතික මෙහෙයුම් සභාවේ සාමාජිකයෙකු සහ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ අපරාධ විද්යාව හා අපරාධ යුක්ති විද්යා දෙපාර්තමේන්තුවේ අංශ ප්රධානී ජ්යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චානක උදය කුමාර මහතා, අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් ප්රසන්න ප්රියලාල් මහතා, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ සහකාර අධ්යක්ෂක (I) සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.ජේ.කේ. දහනක මහතා, කුරුවිට බන්ධනාගාර අධිකාරී උදය කුමාර මහතා, රත්නපුර දිස්ත්රික් පුනරුත්ථාපන නිලධාරී කර්නල් කේ.ඩී.එම්. පත්මකීර්ති මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ චානිකා අබේසිංහ මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා විසින් සහභාගි වූවන් පිළිගනිමින්, මත්ද්රව්යවලට ඇබ්බැහි වූ තරුණ පිරිස් ඉන් මුදවා ගැනීම පුනරුත්ථාපන කාර්යාංශයේ අරමුණ බවත්, ඒ සඳහා මෙම වැඩසටහනේ දායකත්වය සහ වැදගත්කම පිළිබඳවත් සඳහන් කළ අතර, මත්ද්රව්යවලින් තොර රටක් ගොඩනැගීම, තරුණ පරපුර මත්ද්රව්යවලින් තොර කිරීමේ ජාතික අවශ්යතාවය සහ පුනරුත්ථාපන කාර්යාංශය විසින් සිදු කරනු ලබන ජාතික කර්තව්යයේ වැදගත්කම පිළිබඳව දිස්ත්රික් ලේකම්තුමා විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
මත්ද්රව්ය සම්බන්ධයෙන් වන මිත්යාවන්, මානසික තත්ත්වය සහ ඇබ්බැහිය, විරමණ ලක්ෂණ, මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් සඳහා උපදේශනය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු, මනෝවිද්යා උපදේශනය සහ වෘත්තීය උපදේශනය, මත්ද්රව්ය පිළිබඳව කුතුහලය ඇති කිරීම සඳහා තාක්ෂණික හා සමාජ මාධ්ය දායකත්වය, විවිධ ප්රතිකාර ක්රම සහ ඒවායේ බලපෑම ආදී කරුණු පිළිබඳව මෙම වැඩසටහනේ ප්රධාන දෙසුම සඳහා එක් වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපති, විෂ මත්ද්රව්ය පිටුදැකීමේ ජාතික මෙහෙයුම් සභාවේ සාමාජිකයෙකු සහ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ අපරාධ විද්යාව හා අපරාධ යුක්ති විද්යා දෙපාර්තමේන්තුවේ අංශ ප්රධානී ජ්යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චානක උදය කුමාර මහතා විසින් ඉතා මනා පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
අනතුරුව මත්ද්රව්ය යනු මොනවාද යන්න, මත්ද්රව්ය වර්ග, තරුණ තරුණියන් අතර මත්ද්රව්ය පැතිරීම, මත්ද්රව්ය භාවිතය සහ වෙළඳාමට අදාළ නීතිමය තත්ත්වය, මත්ද්රව්ය භාවිතයෙන් සමාජයට වන හානිය සහ එහි භයානක පැතිකඩ පිළිබඳව හරවත් දෙසුමක් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ සහකාර අධ්යක්ෂක (I) සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.ජේ.කේ. දහනක මහතා විසින් පවත්වන ලදී.
අනතුරුව අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් ප්රසන්න ප්රියලාල් මහතා, ජ්යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චානක උදය කුමාර මහතා, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.ජේ.කේ. දහනක මහතා, කුරුවිට බන්ධනාගාර අධිකාරී උදය කුමාර මහතා සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ චානිකා අබේසිංහ මහත්මියගේ ප්රධානත්වයෙන්, සහභාගි වූ උපදේශන නිලධාරීන් සමඟ වත්මන් මත්ද්රව්ය තත්ත්වය පිළිබඳව විශේෂ විද්වත් සාකච්ඡාවක් ද පවත්වන ලදී.