පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

යාපනය දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීම

යාපනය දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීම

මෙම කාර්යාංශය යටතේ ස්ථාපිත දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධිකරණ කාර්යාලයන් වෙතින් පෙර විපරම් සහ පසුවිපරම් කටයුතු කිරිමේදි අවශ්‍ය උපදේශන කටයුතු සිදුකිරිම සඳහා උපදේශන නිලධාරින්ගේ ඌනතාවය හේතුවෙන් එම ක්‍රියාවලියේ සාර්ථකත්වයට පවත්නාවූ බාධාවන් ඉවත් කර ගැනීමේ මූලික අරමුණින් දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් 2026.09.15 දින යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ සභාපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මියගේ සංකල්පයකින් ඇරඹි මෙම වැඩසටහන් මාලාව යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ සිවකරන් මහතා ගේ ප්‍රධානත්වයෙන්, අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල් , ජ්‍යේෂ්ඨ උප⁣දේශන නිළධාරි රටම එකට විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ සාමාජික එම්එම්ජීඑම්බී රෂාද් මහතා ඇතුළු පුනරුත්ථාපන කාර්යාංශයේ නිළධාරින්ගේ සහ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන උපදේශන නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

මෙම සංචිතය තුලින් තෝරා ගනු ලබන උපදේශන නිලධාරින්ගේ සම්පත් දායකත්වය පෙර විපරම් සහ පසුවිපරම් ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරනු ලබන අතර, ඒ සදහා දායකත්වය ලබා දෙන ලෙස යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ සිවකරන් මහතා සහ අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල් විසින් එතුමන්ලාගේ දේශනයේ දි අවධාරණය කරන ලදි.

ඒ අනුව පුනරුත්ථාපනලාභීයකු යනු කවුද? ඔහුගේ මානසික තත්ත්වය හදුනාගැනීම, මධ්‍යස්ථානය තුල සිටින කාලසිමාව තුලදි බිදුණු පවුල් සංස්ථාව ගොඩනැගිමට හා පුනරුත්ථාපනලාභීයා පිලිබඳ ධනාත්මක සිතුවිලි පවුල තුල ඇති කරලිම තුලින් අවශ්‍ය පසුබිම සකස් කිරිම, පුනරුත්ථාපනලාභියා සමාජගත වු පසු ද අදාල පවුල් පරිසරය තුල මනා සබඳතා පවත්වාගෙන යාමට මෙන්ම නැවත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැළැක්වීමටත් අවැසි උපදේශනය ලබාදීම අරමුණ කරගනිමින් උපදේශනය පිළිබදව විශේෂ දේශනයක් ජ්‍යේෂ්ඨ උප⁣දේශන නිළධාරි රටම එකට විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ සාමාජික එම්එම්ජීඑම්බී රෂාද් මහතා විසින් සිදු කල අතර තවද, පුනරුත්ථාපනලාභින් සමග සෘජුව කටයුතු කිරිමේදි දැනගත යුතු මූලික කරුණු මධ්‍යස්ථානගත පුනරුත්ථාපනලාභියාගේ සැබෑ තත්ත්වය පිළිබදවත් තව දුරටත් අවධාරණය කරන ලදී.