පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

ප්‍රජා පාදක මත් නිවාරණ ජංගම වැඩසටහන - 2026

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය (මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය) මඟින් සංවිධානය කරනු ලබන විශේෂ ප්‍රජා පාදක ජංගම වැඩසටහනක් 2026.07.18 දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමපුර ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි.
නිරෝගී සහ යහපත් සමාජයක් උදෙසා ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ ද. විවිධ සේවා සපයන ආයතන එක්ව සෞඛ්‍ය සායන, ආයුර්වේද ප්‍රතිකාර, නිති උපදෙස් ලබා දිම ආදි සේවාවන් සපයන ලද අතර පුනරුත්ථාපන කාර්යාංශයේ ප්‍රදර්ශන කුටියෙන් එම අවස්ථාවට සහභාගි වූ ප්‍රජාව සහ සේවා අවශ්‍ය අයවලුන් හට ස්වේච්ඡා පුනරුත්ථාපනයට යොමු වීම සහ කාර්යාංශයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කරමින් දැනුවත් කිරිමේ අත්පත්‍රිකා බෙදා දිම සහ පොත් සළකුනු බෙදා දිම සිදු කරන ලදි.
මෙම අවස්ථාවට පුනරුත්ථාපන කාර්යාංශයේ අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල්, නියෝජ්‍ය කොමසාරිස් (පුනරුත්ථාපන) ලුතිතන් කර්නල් උපුල් හේරත්, පුනරුත්ථාපන නිළධාරි කෙිළඹ දකුණ ලුතිතන් කර්නල් ඕවීඑස්අයිආර්කේ විතානගේ ඇතුළු නිළධාරින් සහ කාර්ය මණ්ඩලය සහභාගි වන ලදී.